දේශීය පුවත්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිටම සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටින දූෂිත නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ගේ හෙරොයින් ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දීමත්, කොටසක් අත්අඩංගුවට ගෙන ඊට යම් යම් ද්‍රව්‍ය එකතු කිරීමද සිදු කර ඇත.

එවැනි ජාවාරමක් සම්බන්ධයෙන් 2013 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් හෙළි කර ගෙන සියලුම තොරතුරු සාක්ෂි සහිතව ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට ලබා දී ඇතත් එම නිලධාරියා ඒ පිළිබඳ විමර්ශන කටයුතු නොකර නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කර ඇත.

එකල ඩුබායි හි සිටි වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාකිස්තානයෙන් එවන ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් අසූවකින් කිලෝ ග්‍රෑම් හතළිහක් ජාවාරම්කරුවන්ට ලබා දී ඉතිරි කිලෝ හතළිහට යම් රසායන ද්‍රව්‍ය එකතු කර කිලෝ ග්‍රෑම් අසූවක් වන සේ සකසා ඇත.

පසුව අදාළ මත් කුඩු තොගය පටවා තිබූ මෝටර් රථය රාජගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක රථ ගාලක තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. එම තොරතුරු වෙලේ සුදා, ඩුබායි සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට දුරකතනයෙන් දන්වා ඇති අතර එම දුරකතනයෙන්ම අදාළ මෝටර් රිය රැගෙන යෑමට යොමු කළ දෙදෙනාටද වෙලේ සුදා කතා කර තිබේ.

කෙසේ වෙතත් ඊට ටික දිනකින් අලෙවි කළ හෙරොයින් කිලෝ ග්‍රෑම් හතළිහෙන් කිලෝ ග්‍රෑම් දහයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගාලු මුවදොර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

එම තොගයේ මත් ප්‍රතිශතය සියයට හැත්තෑ පහක් වුවත් රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් අසූවේ මත් ප්‍රතිශතය සියයට හතළිහක් බවට රස පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

මෙම සියලු තොරතුරු හා තාක්ෂණික තොරතුරු, දුරකතන දත්ත වාර්තා සමගින් ජාවාරම් සම්බන්ධයෙන් සැකසූ ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ලබා දීමේ දී එම නිලධාරියා සඳහන් කර ඇත්තේ මෙය හෙළි වුවහොත් එය පොලිස් විශේෂ කාර්ය බළකායේ කීර්ති නාමයට හොඳ නැති බවයි.

Aruna.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More