දේශීය පුවත්

මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී කොවිඞ් 19 වෛරස රෝගය පැතිරයෑම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු උපදෙස් ඇතුළත් සෞඛ්‍ය ආරක්ෂණ ගැසට් නිවේදනය නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැසට් නිවේදනයට අනුව පුද්ගල දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ. එය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට බාධාවක් බව රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් පවසා ඇත.

එබැවින් මෙම ගැසට් නිවේදනය මහ මැතිවරණයට අදාළ කර නොගෙන පොදු මහජන නීතියක් ලෙස මැතිවරණයෙන් පසු නිකුත් කරන ලෙස එම උපදේශකවරයා දැනුම්දී ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත්කිරීම සම්බන්ධව නීතිපතිවරයාගේද අනුමැතියට යොමුකර තිබූ අතර එහිදීද සඳහන් කර ඇත්තේ මැතිවරණය පමණක් ඉලක්ක කරගෙන සෞඛ්‍ය නීති පැනවිය නොහැකි බවය. ඒ අනුව මෙම ගැසට් නිවේදනය මහ මැතිවරණයෙන් පසු නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම ගැසට් නිවේදනයට අනුව ප‍්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා සහ මුඛ ආවරණ පැළඳ නොසිටින අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට බලය පැවරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More