හෝමාගම පොලිස් වසමේ මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු ටී-56 ගිනි අවි 02ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිනි අවි පසුගිය ජුනි මස 29 දින පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් පාතාල කල්ලි සාමාජිකයින් විසින් සඟවා තිබු ගිනි අවි ගබඩාවට අයත් බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
අදාළ ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...