ග්ලයිෆොසේට් තහන්ම් කිරීම ඇතුළු කරණුගණනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇති බවත් එම කරුණුවලට අප්‍රේල් 04 වැනිදාට පෙර අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.
තමා අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව ඉදිරිපත්කරන ලද කරුණු මාධ්‍ය හමුවක් කැඳවා ළඟදීම රටට හෙළිකරන බවද පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පෙන්වා දෙති. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හා නියෝජිතයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ දිනවල පවත්වනු ලබන කිසිදු සාකච්ඡාවකට තමන්වහන්සේ සහභාගී නොවන බවත් එම සාකච්ඡා සඳහා තමන්වහන්සේට කිසිදු ආරාධනයක් ලැබී නොමැති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...