සෞඛ්‍ය අමාධ්‍යාංශය විසින් නිසි පූර්ව උපදෙස් ලිඛිතව සහ විස්තරාත්මකව ලබා නොදීම නිසා කොරෝනා වසංගත පාලන ක්‍රියාවලිය තුල බොහෝ වැරදි සහ දුෂ්කරතා මතු විය.
නමුත් සෞඛ්‍ය සහ හමුදා නිලධාරීන් නැවත ඉතා මහන්සියෙන් වරද නිවැරදි කිරීමටද කටයුතු කළහ. දැන් නාවික හමුදා පොකුර එවැනි ලොකු වරදක ප්‍රතිඵලයකි. දැන් මහා කන්දකාඩු පොකුරද එවැනිම එකකි.
පුනරුත්තාපන ම්‍යස්ථානයක් සහ නිරෝධායන මධ්‍යස්ථානයක් එකට පවත්වාගෙන යාම වරදකි. එසේ කළා නම් සේවක මණ්ඩලය ද ඇතුඵව සියලු දෙනා නිරෝධායනය වන්නන් ලෙස සලකා කටයුතු කළ යුතු අතර සෑම දින 5කට වරක්ම PCR පරීක්ෂණයට ලක් විය යුතුය. පිටතට යන්නන් පරීක්ෂණයකින් පසුව රෝගය නැති බවට තහවුරු වූවන් විය යුතුය.
පිටතට ගිය පසුවද ස්වයං නිරෝධායනයට සහ නැවත PCR පරීක්ෂණයකට ලක්විය යුතුය. PCR වියදමට ලෝභවී දැන් ඉතා මහන්සියෙන් ස්පර්ෂකයන් හඹා යාමට සිදුවී ඇත.
ඒ නිසා දැන් කලාව වෙනස්කොට විද්‍යාවට අනුව වැඩ කිරීමට කාලය පැමිණ ඇත. නැතිනම් සමාජයට සම්ප්‍රේෂණය වීමේ අනතුර අත ලඟය.
ලංකා ලීඩ් නිව්ස් පර්යේෂණ ඒකකය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...