දේශීය පුවත්

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට රජය තීරණය කර ඇත. ඉන් අනතුරුව මෙම නිලධාරීන් අයථා ලෙස වත්කම් රැස්කර තිබේද යන්න ගැන පූර්ණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.මේ හේතුවෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගෙන් ඉහළට සියලුම නිලධාරීන් ලහිලහියේ එම පෝරම පිරවීමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.

පසුගියදා එම පෝරම විශාල තොගයක් බන්ධනාගාර මූලස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර ඒවා බෙදාදීම මේ වනවිට ආරම්භ කර ඇතැයිද දැනගන්නට තිබේ.

මීට පෙර වසරවල එම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඉතා මන්දගාමීව සිදුවී ඇති අතර මෙවර ඊට සියලුම නිලධාරීන් දැඩි උනන්දුවක් දැක්වීම කෙරෙහි සෙසු කනිෂ්ඨ නිලධාරීන් අතර දැඩි කතාබහක් හටගෙන ඇතැයිද කියති. හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වූ ජේලර් නිලයෙන් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ ඇස යොමු වී තිබුණේ මෑතකදීය.

සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වර්ෂයකම ජූනි මස 30දාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More