දේශීය පුවත්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

ඒ අනුව ලබන 14දායින් පසු ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අත්හිටුවනු ඇත. ඉදිරියේදී ලන්ඩනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, මැදපෙරදිග, මාලදිවයින සහ තවත් යුරෝපා රටවල් ගණනාවකින් මෙරටට සිරවී සිටින්නන් ගෙන ඒමට සැලසුම්කර තිබිණි.

දැනට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවීමත් කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායනය කළයුතු බැවින් ගුවන් මගීන් ගෙන ඒම මෙසේ අත්හිටුවා තිබේ. මෙලෙස විදේශවලින් ගෙන්වන තැනැත්තන්ගෙන් නිරෝධායනය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර හෝටල්වල නිරෝධායනය වන අය පමණක් ඊට මුදල් ගෙවිය යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More