වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ, අදාළ සිද්ධිය පිළිබද මාධ්‍යවේදියා විසින් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොල වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි.
පැමිණිල්ල ඉදිරිපත් කරමින් මාධ්‍යවේදියා චෝදනා කරන්නේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැළකු බවයි.
ඡායාරූප ගනිමින් සිටි තමන්ව ඔහු විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් ලබාගත් ඡායාරූප දත්ත බලහත්කාරයෙන් ලබාගත් බවටයි මාධ්‍යවේදියා පවසා ඇත්තේ.
ඔහු මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ‍්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේදීයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...