ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහා මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ඉල්ලන්නේ ජනතාවට සහ රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය.
‘‘ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නොත් ලැබෙන ප‍්‍රතිඵල භයානකයි’’ යැයි ද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාගමුව මහතා මෙසේ ද කීවේය.
ආණ්ඩුව මැතිවරණයෙන් පස්සේ එම්. සී. සී. ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළට දාන්න පිඹුරුපත් අඳිනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප කප්පාදු කිරීමට සැරසෙනවා. මේවා පහසුවෙන්ම කර ගන්න තමයි මේ තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ. කොරෝනා කාලේ පවුලකට රුපියල් පන්දහස ගානේ මාස දෙකක් රුපියල් දස දහසක් දුන්නා. දැන් එම මුදල් ගත්ත සමෘද්ධිලාභීන්ගේ
ගිණුම්වලින් රුපියල් පන්දහසක් කපලා. මේ ආණ්ඩුව ජනතා සුබසාධනය කරන්නේ එහෙමයි. ලංකාවේ වන ඝනත්වය සියයට තිහ දක්වා වැඩි කරනවා කියායි ගෝඨාභය ජනාධිපති වුණේ. මේ වන විට රක්‍ෂිත නොවන වනාන්තර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්න හදනවා. ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට එහි බලය පවරා ඔවුන් හරහා බහුජාතික සමාගම්වලට එම ඉඩම් විකිණීමටයි මේ සූදානම් වෙන්නේ. තුනෙන් දෙකක බලයක් දෙනවා කියන්නේ මේ අහිතකර වැඩවලට ආවැඞීමක්.
ඒ වගේම රනිල්ගේ ‘අලියාට’ සහ සජිත්ගේ ‘දුරකථනයට’ ඡුන්දය දීලා වැඩක් නෑ. මොකද ඒ පක්‍ෂවල අය ඡුන්දයෙන් පස්සේ පොහොට්ටුවට විකිණීමට නියමිතයි. අනිත් පැත්තෙන් ජවිපෙට පසුගිය අවුරුදු පහේදී ජනතා ප‍්‍රශ්න ගැන සමාජ මතයක් හදන්නවත් පුළුවන් වුණේ නෑ. ජවිපෙ කියනවා පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න හාරසියයක් ඇහුවා කියලා. නමුත් ඒ කිසිවකට විසඳුම් දුන්නා ද. නෑ. ඒත් පහුගිය කාලේ අපි මැදිහත් වුණ කරුණු කීපයෙන්ම ජයග‍්‍රහණ අත්කර දුන්නා. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නයේදී අපි ඒක ජයග‍්‍රහණය කළා. ඒ වගේම ජයග‍්‍රහණයෙන් නිමවූ සයිටම් අරගලයට අපි සකී‍්‍රයව දායක වුණා. වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස කිරීමේ සටන රුපියල් හත්සිය අනූවක් දක්වා ගේන්න දැනට අපට පුළුවන් වෙලා තියනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ මැතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ‘කුළුගෙඩිය’ ලකුණට ඡුන්දය දීලා අපි හදන බහුජන ව්‍යාපාරයට එකතු වෙන්න කියලා. අපට දෙන ඡුන්දය ගැන කලකිරීමක් ඇති කර ගන්න ජනතාවට වෙන්නේ නෑ. සමානාත්මතාව ඇති සමාජවාදී ප‍්‍රතිපත්ති ඇතිව මෙවර ඡුන්දය ඉල්ලන්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විතරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...