මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (10) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ දක්වා කාලය තුළ දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 දෙනෙක් ඊයේ හඳුනා ගැනිම විශේෂත්වයක්.
සමස්ත ආසාදිතයින්ගෙන් 1980 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කෙසේවෙතත් ආසාදිතයින් 463 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...