දේශීය පුවත්

මෙරට ජාතික, සංස්කෘතික හා දේශපාලනික ක‍්‍රියාකාරකම්වල යෙදෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසියම් කණ්ඩායමක් විසින් ත‍්‍රස්තවාදියකු ලෙස නම් කර ඇති බවත් රජයේ විධායක පරිපාලන ක‍්‍රියාවක් මගින් උන්වහන්සේගේ මානව හිමිකම් කඩ කිරීමක් සිදුවී ඇති බවත් සමාජ මාධ්‍ය ජාලා වාරණයක් කර ඇති බවත් අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ගලගොඩඅත්තේ හිමියන්ට සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඊයේ (10 දා)මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීය.

විශේෂයෙන් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව විශාල දැනුවත් කිරීමක් සමාජයේ කළා. විශේෂයෙන් සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ ඒ දේ ඇත්ත වුණා. ඉස්ලාම් අන්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව සහ රටට එල්ලවීමට ඇති අනතුරු ගැන උන්වහන්සේ කලින් දැනුවත් කරලා තිබුණා. ඒ සියල්ලම සනාථ වෙලා තිබෙද්දිත් උන්වහන්සේ කියූ සියල්ල සත්‍යයක්ව තියෙද්දිත් පසුගිය රජය උන්වහන්සේ ත‍්‍රස්තවාදියකු ලෙස නම් කළා.

ඒ වගේම උන්වහන්සේගේ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් කරලා තියෙනවා. රජයේ මාධ්‍ය අපට ප‍්‍රචාරක කටයුතුවලට ඉඩ දෙන්නේ නැහැ. පෞද්ගලික නාලිකාවලටත් ඒ වගේම ඉඩක් ලැබෙන්නේ නැහැ. අපට අදහස් ප‍්‍රකාශ කරන්න දැනට අපට තිබෙන එකම ස්ථානය තමයි සමාජ මාධ්‍ය. ඒකත් අවහිර කරනවා නම් ඒක අසාධාරණයි යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More