තවත් කොවිඩ්-19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළ ගොස් ඇත.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 456කි.
පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.
මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු පවසන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 472 දෙනෙකු රැඳී සිටින අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු සේවය කරන බවය.
කාර්ය මණ්ඩලයේ සේවය කළ සාමාජිකයින් 90 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි අතර ඔවුන් සියලුදෙනා කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත කැඳවා ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...