දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විවිධ පරාසයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව බුද්ධශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය එක්ව විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මෙහිදී කිසිදු පුස්කොළ පොතක් රජයට භාර නොගන්නා අතර ඒවා රටින් පිටවීම වැළැක්වීම හා භෞතික හායනය වළක්වා අනාගතය උදෙසා සංරක්ෂණය පමණක් සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, පූජ්‍ය ස්ථාන,පුද්ගලයන් සන්තකව පුස්කොළ පොත් අත්පිටපත් විශාල ප්‍රමාණයක් ඇති අතර මෙම ලේඛනවල ත්‍රිපිටකය, රාජ්‍ය පරිපාලනය, බෞද්ධාගමික හා වෙනත් ආගමික කරුණු, ජ්‍යෝතීශය, යන්ත්‍ර මන්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍රය, ඉඩම් තොරතුරු, කාව්‍ය හා සෞන්දර්යය යනාදී පුළුල් විෂය පරාසයක තොරතුරු අන්තර්ගත වෙයි.

වසර ගණනාවක් පැරණි මෙම ඓතිහාසික ලේඛණ කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආරක්ෂා නොවීම හේතුවෙන් භෞතික හායනය හා විවිධ මානව ක්‍රියාකාරකම් නිසා අනාගත පරම්පරාවට අහිමි වීමේ තර්ජනයක් මතුව තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More