MCC ගිවිසුම පිළිබඳ සමලෝචන කමිටුවේ වාර්තාව දැන් තියෙන්නේ අමාත්‍යවරුන් අතේය. වාර්තාව පිළිබඳව ඇමතිවරුන්ගේ මතය ඉදිරිපත් කරන්නැයි දන්වා තිබුණත් මේ සතියේ කැබිනට් මණ්ඩලයට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි.
මේ පිළිබඳව ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගෙන් විමසුවේ ය.
ප්‍රශ්නය:
MCC එක ගැන ඔබතුමාලාගේ ඔබ්සවේෂන් මේ සතියේ එක ලබාදුන්නා ද? ඒ ගැන ගත් තීරණය මොකද්ද ඇමතිතුමා ?
බන්ධුල :
සමහර අමාත්‍යවරු ඒ පිළිබඳව ලිඛිතව තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මම කැබිනට් කාර්යාලයට යවලා තියෙනවා මගේ මතය. තවදුරටත් මේ වාර්තාව ගැඹුරින් අධ්‍යනය කළයුතු බව ඇමතිවරු විශාල පිරිසක් කියා සිටියා. ඒ සඳහා ජනාධිපතිතුමා කාලය ලබා දුන්නා තව සති දෙකක් ඇතුළත හැම කැබිනට් අමාත්‍යවරයෙක්ගේම ලිඛිත අදහස ඉදිරිපත් කරන්න. ඒ අනුව තව සති දෙකක් ඇතුළත අධ්‍යනයෙන් පසු අදහස් ඉදිරිපත් නරනවා කලබල වෙන්න මොකුත් හේතුවක් නෑ.
අපේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව රටටයි රජනතාවටයි දක්වලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි රටේ පවතින නීති පද්ධතියට පටහැනි රටේ ස්වරීභාවයට භෞමික අඛණ්ඩතාවයට ජාතික ආර්ථිකයට හිතකර නොවන කිසිම ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ රජය මොනම රාජ්‍යක් සමගවත් අත්සන් තබන්නේ නැති බව.
”අපි දෙරාජ්‍යයක් අතර කාර්ය දාගෙන වැඩ කලහම ඒ පිළිබඳව දෙකේ පන්තියෙන් ළමයෙක් හැසිරෙන විදිහකට හැසිරෙන්ට බෑ. ජාත්‍යන්තර වශයෙන් රටක් ආණ්ඩු කරද්දී ඒ රටවල් සමග ඊට කළින් ආණ්ඩු කරපු ගනුදෙනු පිළිබඳ විචක්ෂණශිලී ලෙසත් විමර්ශනාත්මක ලෙසත් ආපසු හැරිලා බලන්න සිද්ධ වෙනවා.”
අපි දෙරාජ්‍යයක් අතර කාර්ය දාගෙන වැඩ කලහම ඒ පිළිබඳව දෙකේ පන්තියෙන් ළමයෙක් හැසිරෙන විදිහකට හැසිරෙන්ට බෑ. ජාත්‍යන්තර වශයෙන් රටක් ආණ්ඩු කරද්දී ඒ රටවල් සමග ඊට කළින් ආණ්ඩු කරපු ගනුදෙනු පිළිබඳ විචක්ෂණශිලී ලෙසත් විමර්ශනාත්මක ලෙසත් ආපසු හැරිලා බලන්න සිද්ධ වෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...