ප‍්‍රධාන පුවත්

දෙමළ ඩයස්‌පෝරාවේ අරමුණ ශ්‍රී ලංකාව තුළ ඊළමක්‌ බිහිකර ගැනීම බව බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ (28 දා) දහවල් කොළඹ රාජගිරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතා පැවසීය.

මෙහිදී තවදුරටත් කරුණු දැක්‌වූ උන්වහන්සේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇරඹීමේ මූලික අදහස තමා 2014 වසරේදී ඩුබායි රටේ සිටින සුනිල් චන්ද්‍රකුමාර සමඟ සාකච්ඡා කළ බවත් ඉන් පසු 2015 දී සංවිධානය පිහිටුවා ගත් බවත් කීවේය.

2018 දී ග්ලෝබල් ශ්‍රී ලංකා ෆොaරම් යනුවෙන් සංසදය ලියාපදිංචි කළ බවද පැවසූ උන්වහන්සේ ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට ගෝලීය සංසදය ඉදිරිපත් වූ බවත් පැවසූහ.

මෙතෙක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන ලද වාර්තා සියල්ල සකස්‌ කිරීමේ මූල්‍ය අනුග්‍රහය ලබාදෙනු ලැබුවේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය බවත්, නේස්‌බි සාමිවරයාට ස්‌තුතිය පළකරමින් සන්නස්‌ පත්‍රයක්‌ පිළිගනු ලැබුවේ ලන්ඩන් ශාඛාව බවත් උන්වහන්සේ පළකළහ.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම්බන්ධීකාරක නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා කරුණු දක්‌වමින් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකාවට තර්ජනයක්‌ කරමින් අලුතින් ත්‍රස්‌ත මර්දන පනත සකස්‌ කිරීමට පෙර පරණ පනත ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවත් කියා සිටියේය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති බවත් රජය ඊට නිසි ප්‍රතිචාර දක්‌වා නැති බවත් හෙතෙම කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More