දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආන්දෝලනාත්මක ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාව ඊයේ (09දා) විවෘත කර සිදු කළ විශේෂ පරීක්ෂාවේදී එහි තිබී අධිකරණ හමුවට ඉදිරිපත් නොකළ හෙරොයින් කිලෝ හයසියයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් පෙරේදා 8 ලබා දුන් විශේෂ නියෝගයකට අනුව, අදාළ ප්‍රධාන නඩු භාණ්ඩ සංඛ්‍යාව මුද්‍රා කඩා ඊයේ දහවල් 12.45ට පමණ විවෘත කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව, අධිකරණ නියෝග පරිදි අදාළ නඩු භාණ්ඩ ගබඩාව පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

කිලෝ හයසියකට අධික මත්ද්‍රව්‍ය තොගය අද (10දා) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන යාමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අදාළ නඩු භාණ්ඩ ගබඩාවට ඉකුත් ජුනි 28 වැනිදා මුද්‍රා තබන ලදී.

මෙම නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, රජයේ රස පරීක්ෂකවරයාට පෙරේදා (8) නියෝගයක්ද කළාය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More