ව්‍යාපාරික පුවත්

ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 5,000 කට ආසන්න පිරිසක් සවිබල ගැන්වීම වෙනුවෙන් මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (9 වැනිදා) කොළඹ මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාල ශ්‍රවණාගාරයේදී අත්සන් කෙරුණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ, අමාත්‍යංශ ලේකම් එම්. ඒ. රංජිත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසායක හා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ගිවිසුමට අනුව කර්මාන්තකරුවාගේ සුරක්ෂිත තත්ත්වය උදෙසා ලිහිල් ඇප, සහන පොලී සහ ඒ ඒ කර්මාන්තයට ගැළපෙන පරිදි මූල්‍යමය පහසුකම් සැපයීමට නියමිතය. කර්මාන්තකරුවාට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම, කළමනාකරණ, අලෙවිය, ඉංජිනේරු සේවාවන්, ආනයන ආදේශන, ව්‍යාපාර සංවර්ධනය සඳහා දායක වීම ආදිය මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණයි. මූල්‍ය ශක්‍යතාව සහ ව්‍යවසාය මෙහෙයුම් ශක්‍යතාව සලකා ණය ලබාදීම සිදුකෙරෙයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More