දේශීය පුවත්

”මම හය වතාවක් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොලොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිලලාගේ බොස් තමයි මම. අද මේ මූසිලලා බොස්ට බැණ බැණ යනවා. මට බණින අයට මම මොනවත් කියන්නේ නැහැ. ජනතාව නිසි වෙලාවට ඒවට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. මම බුදුදහමට අනුව ජීවත්වන කෙනෙක්. මට මේ ඡුන්දය කිරිකජු කනවා වගෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිරිපුර, පල්ලේගම පැවැති ජනහමුවක දී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා තව දුරටත් මෙසේද කීවේය.

”මේ වතාවේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට තරග කරන අපේ කණ්ඩායමේ සමහරු අවුරුදු දහයකට වැඩිය පාර්ලිමේන්තුවේ හිටියා. දිස්ත‍්‍රික්කයේ සංවර්ධනයට මොනවද කළේ කියලා ඡුන්දේ ඉල්ලගෙන ඔබේ නිවසට ආවම එයාලගෙන් අහන්න. මම ජනාධිපති වෙලා දිස්ත‍්‍රික්කයේ වෙහෙර විහාර විතරක් 113 ක් හැදුවා. මම මට බණින කිසිකෙනකුට මම අපහාස උපහාස කරන්නෙ නැහැ. අවුරුදු 30 ක් පුරාවට පොලොන්නරුව ජනතාවගේ දියුණුවට කටයුතු කළ මම හොඳට පිං කරපු කෙනෙක්. ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනවා. මාව මරන්න මගේ ගෙදරට ආව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියාට පවා සමාව දුන්නා. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම කරලා නැහැ. වංචාව, දූෂණය, හොරකම කවදාවත් මගේ ළග තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව හැමදාම මා සමග සිටියා.
මෙවර මැතිවරණයට මුළු ලංකාවෙන්ම අපේක්ෂකයෝ 1500 ක් විතර ඉදිරිපත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට යන්නේ 225 යි. මේ අයගෙන් කොටසක් ආණ්ඩු පක්ෂයටත් තවත් පිරිසක් විපක්ෂයටත් යනවා. විපක්ෂයට යන අයගේ රාජකාරිය විවේචනය කිරීම විතරයි. මෙය අපේ රටේ තිබෙන නරක දේශපාලන සම්ප‍්‍රදායක්. අපි මෙම තත්ත්වය වෙනස්කොට ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More