රට ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තමාට දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (9 වැනිදා) එම ප්‍රදේශයේ සංචාරයේදීය.
කොළඹ ඉතිරිව ඇති පැල්පත් ද ඉවත් කොට නිවාස ඉදි කර දෙන්නැයි ජනතාව ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.
රියර් අද්මිරාල් සරත් වීරසේකර දෙමටගොඩදීද, උදය ගම්මන්පිල මහතා බත්තරමුල්ල, දියත උයන ඉදිරිපිට සහ ඇමැති විමල් වීරවංශ බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී සංවිධාන කර තිබූ ජන හමුවලටද සහභාගි වූ ජනාධිපතිවරයාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි විය.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...