දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් යැපුණු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිළිබඳව සිදුකෙරෙන පරීක්‍ෂණ අනුව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කි‍්‍රයා කරයි.

කෝටි ගණන් මුදල් මෙම සැකකරුවන් අතර ගැවසෙද්දී ඔවුන් සිය ඥාතීන්ට හිතවතුන්ට කියා ඇත්තේ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනීමේදී පොලිස් මූලස්ථානයෙන් තෑගි මුදල් ලැබෙන බවයි.

අත්අඩංගුවට පත්වූ පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සියලූ සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මිනුවන්ගොඩ පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගත් ‘චමින්ද’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෙළිකළ තොරතුරු අනුව බවද මෙම තොරතුරු අනාවරණය නොවන්නට රටේ තත්ත්වය පිළිබඳව අමුතුවෙන් කිවයුතුව නැතැයිද ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතා  පැවැසීය.

මෙම ජාවාරමට සම්බන්ධ උපපොලිස් පරීක්‍ෂක උදාර පිළිබඳව ඇතිවූ සැකය මත ඔහු පිළිබඳව විශේෂ විමර්ශනයක් කළ යුතු බවට මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්‍ෂක රොහාන් මහේෂ් මහතාට උපදෙස් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතා ප‍්‍රමුඛ බස්නාහිර උතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ සහ බස්නාහිර ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් විසිනි.

මෙම මහා ජාවාරම කොටුකරගත් පොලිස් නිලධාරීන්ගේ සේවාව අගයන බවද අවංකව සේවය කරන මෙවැනි පොලිස් නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More