කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දන්වා සිටී.
එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.
කොරෝනා වසංගතය ආරම්භ සමයේ ජනාධිපතිවරයා විසින් පත්කළ තාක්‍ෂණික කමිටුව සතියකට දෙවරක් පමණ රැුස් වී සාකච්ඡුා කර තීන්දු තීරණ ගත්තත් මේ වනවිට එම කමිටුව මාසයකට වරක් රැස්වන තත්ත්වයට පත්ව ඇතැයි ද ලේකම්වරයා කීය.
මෙම කමිටුවේදී වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්‍ෂක අංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡා කර තීන්දු තීරණ ගත් බව ද ඒ මහතා අවධාරණය කළේය.
වසංගත රෝග විද්‍යා අංශයම ප‍්‍රකාශ කරන ආකාරයට මසකට පී. සී. ආර්. පරීක්‍ෂණ 68,000 ක් පමණ සිදුකළ යුතු බව කීවත් මේ වනවිට දිනකට එවැනි පරීක්‍ෂණ සිදුකරන්නේ 1000 ක් 1500 ක් අතර යැයි ද සෙනාල් ප‍්‍රනාන්දු මහතා කීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...