දේශීය පුවත්

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (9) දිනයේ තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක කාන්තාව පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

මාරවිල රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේ දී ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මේ වන විට ඇයගේ සමීපතමයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇති බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය අද දෙරණ කළ විමසුමකදී තවදුරටත් පැවසීය.

අදාළ කාන්තාව 27 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි පසු උණ, කැස්ස වැනි කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වී ඇති අතර පසුව ඇය සිය නිවස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඇයගේ රෝග ලක්ෂණ යටපත් වී ඇති නමුත් ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිට පැමිණි අයෙකු බැවින් ඇය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට කටයුතු කළ බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

පසුව අදාළ කාන්තාව පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර අද (09) දිනයේ ඇය කොවිඩ්-19 ආසාදිතයෙක් බව හඳුනාගෙන ඇත.

මේ අතර අදාළ කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

එහිදී ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අයත් කැබ් රථයකින් පොළොන්නරුව බලා පැමිණ ඇති අතර පොළොන්නරුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ ඇත.

පසුව කුරුණෑගල-මීගමුව බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.

දංකොටුවේ සිට නැවතත් බස් රථයකින් ඇය නාත්තන්ඩියට පැමිණ තිබේ.

කෙසේවෙතත් ඇය මුඛ ආවරණයක් පැළඳගෙන මෙම බස් රථවල ගමන් කර ඇති බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මෙම ආසාදිත කාන්තාවගෙන් කොවිඩ්-19 වෛරසය සමාජයට පැතිරයාම වැළැක්විම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ada derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More