කොරෝනා වයිරසය පැතිරෙන ආකාරය පිළිබඳව මෙතෙක් පැවැති නිගමනවලට වඩා වෙනස් කාරණයක් ගැන මේ වනවිට අවධානය යොමු වෙමින් තිබේ.
එනම් එය වාතය හරහා ද බෝවෙන්නට ඉඩ ඇති බවයි. මෙතෙක් පැවැති නිගමනය වූයේ කෙනකු කහින විට, කිවිසුම් අරින විට, කතා කරන විට නිකුත්වන බිඳිති මගින් එය තව කෙනෙකුට බෝ වන බවය. මෙම බිඳිති බරින් වැඩි නිසා වැඩි වේලාවක් වාතයේ රැඳී නොපවතින බවත්, වැඩි දුරක් ගමන් නොකරන බවත්, යම් යම් පෘෂ්ඨයන් මත පතිත වන බවත් සඳහන් විය.
නිතර අත් සේදීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි සෞඛ්‍යමය පියවර නිර්දේශ කරන ලද්දේ මේ නිසාය. නමුත් රටවල් 32කට අයත් විද්‍යාඥයින් 200 කට වැඩි පිරිසක් දැන් මෙයට වෙනස් මතයක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ කලින් සිතුවාට වඩා ඉතා කුඩා වයිරස අංශු වාතයේ බොහෝ වේලාවක් රැඳී තිබිය හැකි බව සහ වැඩි දුරක් ගමන් කළ හැකි බවයි. මේ බව සනාථ කළ හැකි ප්‍රබල සාක්‍ෂි ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.
විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෙම මතයට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද යම් අනුකූලතාවක් දක්වා ඇති බව පෙනී යයි. ඔවුන් ද සඳහන් කරන්නේ ඉහත කී ආකාරයෙන් වාතය හරහා මෙම වයිරසය පැතිරෙන්නට හැකි බවට සාක්‍ෂි හමුවෙමින් ඇති බවයි. විශේෂයෙන්, වැඩි සෙනගක් ගැවසෙන, සංවෘත, මනා වාතාශ්‍රයක් නොලැබෙන ස්ථානවල මේ ආකාරයෙන් වයිසරය පැතිරීමේ වැඩි අවදානමක් තිබිය හැකි බව ද එම සංවිධානයේ නිලධාරියෙකු සඳහන් කර ඇත.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තවමත් මේ සම්බන්ධයෙන් පවතින්නේ මූලික මට්ටමේ සාක්‍ෂි පමණක් බවයි. ඒ නිසා මේ ගැන වැඩිදුර සොයා බැලීම් කළ යුතුව ඇති බව ද ඔවුන් සඳහන් කර ඇත. යම් හෙයකින් මෙම කාරණය සනාථ වුවහොත් වයිරසයෙන් ආරක්‍ෂාවීම සඳහා ලබා දෙන උපදෙස්වල ද වෙනසක් සිදු වනු ඇත.
මුහුණු ආවරණ පැලඳීම වැනි පියවරවල අවශ්‍යතාව වඩාත් අවධාරණය කෙරෙනු ඇති අතර එකිනෙකා අතර පවත්වා ගත යුතු දුර සම්බන්ධයෙන් ද අලුත් නිර්දේශ ඉදිරිපත් වීමට පිලිවන. විශේෂයෙන් මහජනයා වැඩි වශයෙන් ගැවසෙන පොදු ප්‍රවාහන සේවා, වෙළෙඳසැල් වැනි ස්ථානවලදී මෙම පියවර වඩාත් හොඳින් අනුගමනය කිරීමට සිදුවනු ඇති බව විශේෂඥයින්ගේ අදහසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...