අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පසුගිය දින කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක්කළ අයෙකි.
ඒ අනුව කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට පිරිසක් මේ වන විට පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ.
ඉහත පරීක්ෂාවට ලක් කරන ලද පිරිස අතුරින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ.
එසේම අද දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක් ද හඳුනා ගෙන තිබේ.
එම කාන්තාව කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශීකාවක් ලෙස සේවය කරන තැනැත්තිය කි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...