ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංග මහතාට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එවිට රෙජි රණතුංග මහතා සොහොනෙන් නැගිට ප්‍රසන්න රණතුංග මහතාට කණේ පහරකුත් ගසා මේ අපි හැදුන තැන බව තේරුම් කර දෙනු ඇති බවද මහ ලේකම් වරයා සඳහන් කරයි.
ආචාර්ය නාලක ගොඩහේවා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි යන ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ලැයිස්තුවේ සිටින බුද්ධිමතුන්ට අපොස සාමාන්‍ය පෙළ අසමත් ප්‍රසන්න රණතුංග මහතා අභියෝගයක් නොවනු ඇති බවද ජයසේකර මහතා සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රසන්න රණතුංග මහතා කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 වසර පමණක් සමත් අයෙක් බවත් උගත් අයෙක් පාර්ලිමේන්තු යනවාට ඔහු කැමති නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජයසේකර මහතා මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.
ඒ නිසා ඔවුන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුවට අට පාස් අය ගෙන්වාගැනීමට යැයිද ඔහු පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට උගත් බුද්ධිමත් අපේක්ෂකයින් තරග වදින නිසා සාමාන්‍ය පෙළවත් සමත් නැති ප්‍රසන්න රණතුංග මහතාට එය අභියෝගයක් වී ඇති බවත් මෙම අඩුව වසා ගැනීමට වෙනත් අයට මඩ ගැසීම සිදු කරන බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...