ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් ගුවන් හමුදාවට භාවිතා කළ හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින පුහුණු කිරීමේ හෙලිකොප්ටර් යානා 02 ක 1981 වර්ෂයේ නිෂ්පාදිත පැරණි තත්ත්වයේ පවතින නිසා ඒ වෙනුවට මෙම හෙලිකොප්ටර් යානා හතර යෙදවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ රාජකාරි කටයුතුවල නිරත වන බැවින් ඔවුන්ගේ පුහුණුවීම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා අවශ්‍යව ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...