සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන සභිකයන් එකසිය පනහකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (08 වැනිදා) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
මෙම අයගේ පක්ෂ සාමාජිකත්වය ලබන 16 වැනිදා වන විට අත්හිටුවීමට තීරණය කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය.
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන සභිකයන් වෙනුවට නවක සභිකයන් පත් කිරීමටද නියමිතය.
සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම පිළිබඳව නිදහසට කරුණු විමසා මෙම සභිකයන් වෙත පක්ෂය විසින් ලිපි යොමු කරන තිබිණි. නමුත් ඔවුන් එම ලිපි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ පුලුස්සා දමා තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...