කල්ඉකුත් වූ අමුද්‍රව්‍ය යොදාගෙන විෂබීජ නාශක නිෂ්පාදනය කරන ආයතනයක් මාලබේ තලාහේන ප්‍රදේශයේදී ඊයේ (08 වැනිදා) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
වෙළෙඳපොළේ විකිණීමට ඇති දෑත් පිරිසුදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදාගෙන මෙම විෂබීජ නාශක සකස් කර ඇති අතර අදාළ ක්‍රීම් වර්ගය 2018 දෙසැම්බර් මස කල් ඉකුත් වී ඇත.
මෙම ක්‍රීම් වර්ගය භාවිත කරමින් සකස් කර ඇති විෂබීජ නාශක වර්ග තුනකින් වෙළෙඳපොළට මුදා හැරීමට ඇසුරුම් කර තිබුණ බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම ආයතනය පවත්වාගෙන ගිය සැකකරු ප්‍රකාශ කර ඇත්තේ නිෂ්පාදනය කරන ලද විෂබීජ නාශක මෙතෙක් වෙළෙඳපොළට මුදා හැර නොමැති බවයි. අත්අඩංගුවට ගත් විෂබීජ නාශක තොගය විනාශ කිරීමට පියවර ගන්නා බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
තමා මිලට ගත් ක්‍රීම් වර්ගය කල් ඉකුත් වීමෙන් පසු මෙසේ විෂබීජ නාශක සකස් කර අලෙවි කිරීමේ අදහසක් තමන්ට ඇති වූ නිසා මෙලෙස මෙම විෂබීජ නාශක නිෂ්පාදනයට පෙලඹුණ බව සැකකරු ප්‍රකාශ කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් විෂබීජ නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...