අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ.
මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බවය.
පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට සහ මීගමුව වයිකාල් ප්‍රදේශයේ නිරෝධායන මධයස්ථානයක සිටි පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස මැලේරියාව ආසාදනය වී ඇති බව සඳහන් වේ.
2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළින් කිසිදු මැලේරියා රෝගීයෙකු වාර්තා නොවූව ද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ පමණක් එලෙස විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 53 දෙනෙකුට මැලේරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කෙසේවෙතත් එකවර වැඩි පිරිසක් මැලේරියා රෝගීන් ලෙස හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැලේරියා අවදානම් රටවල සිට පැමිණෙන සියලු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට අමතරව මැලේරියා පරීක්ෂණයකට ලක් කිරිමට ද තීරණය කර තිබේ.
ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන අවට මැලේරියා මදුරුවන් මර්දනය කිරිම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...