දේශීය පුවත්

අත්අඩංගුවට ගත් හෙරොයින් තොග පිටින් ආපසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනකුගේ හා සැකකාර සිවිල් පුද්ගලයන් තිදෙනකුගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 43 ක තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 46 කට අධික මුදලක් බැහැර කිරීම වළක්වමින් මහාධිකරණය නියෝගයක් ලබාදී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (08 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 (1) (අ) වගන්තිය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව එකී පනතේ 15 (2) වගන්තිය ප‍්‍රකාරව මහාධිකරණය එකී ගිණුම් 43 අත්හිටුවා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියේය.

සැකකාර එකී පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි අධ්‍යක්‍ෂවරයා හා නියෝජ්‍ය පොලිස්පතිවරයා නිසි ලෙස අධීක්‍ෂණයක් සිදුකර නොමැති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළ යුතුව ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් රුපියල් ලක්‍ෂ ගණනින් අයුතු ලෙස මුදල් උපයා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ලබන 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (08දා) පස්වරුවේ නියෝග කළාය.

බටුවිට වත්තගේ රුවන් පුෂ්පකුමාර හා ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ නමැති එම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයසුන්දර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ විමර්ශන වාර්තාවක් සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

එලෙස අයථා ලෙස උපයාගත් මුදල් උපයෝගී කරගනිමින් මිලදී ගෙන ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ නමින් පවතින වත්කම් බැහැර කිරීම හා ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් බැහැර කිරීම තහනම් කරන ලෙස විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ සඳහා තම අධිකරණයෙන් නියෝගයක් අනවශ්‍ය බවත් සහකාර පොලිස් අධිකාරිවරයකුට ඉහළ නිලධාරියකුට ඒ සඳහා නියෝග ලබාදීමේ බලතල පනත ප‍්‍රකාරව පවතින බවත් පැවසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තම අධිකරණයේ සහය අවශ්‍ය වන්නේ නම් මෝසමක් මගින් කරුණු දක්වා ඉල්ලීමක් කරන ලෙසටද විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More