දේශීය පුවත්

සෞදි අරාබියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය දිවයිනට රැගෙනවිත් ආදාහනය කිරීම සඳහා ඊයේ (08) සවස බොරැල්ල කනත්තට රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ ඥාතීන් සහ සෞඛ්‍ය අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

ඒ, අවසන් කටයුතු කිරීමට පෙර දේහය දැකගැනීම සඳහා සෞඛ්‍ය අංශ ඥාතීන්ට ඉඩ නොදීම හේතුවෙනි.

44 හැවිරිදි පී.ගන්ගාදරන් නැමැති මෙම මරණකරු  පිළිබඳ එරට රජයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවෙහි, සඳහන් වන්නේ ඔහු හෘදය සහ ශ්වසනය අකර්මණ්‍ය වීමෙන් මියගිය බවය.

කෙසේවෙතත් නිරෝධායන නීතිය අනුව කොවිඩ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයෙන් දේහය ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමත් සමග ඥාතීන් ඊට විරෝධය දක්වා තිබුණි.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් ද පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසු දේහය ආදාහනය කළ අතර ආදාහනය සඳහා ස්විචය ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔහුගේම දරුවා විසිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More