දේශීය පුවත්

ලොව රටවල්වල දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තරම් කොවිඩ්-19 තත්ත්වය ‍ගෝලීය වශයෙන් සමතුලිතතාවකට ළඟා වී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය – වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව කොටගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකි. කොවිඩ් වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කරගැනීමට අපි විශේෂයෙන් අවධානය යොමු කළෙමු. අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 කි. ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයෙහි නිරතව සිටිති. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ අප හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කෙරිණි.”

“අප්‍රේල්, මැයි කාලවකවානුව තුළ වඩාත් පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රු.5,000 බැගින් ස්ථාවර මාසික දීමනාවක් ප්‍රදානය කිරීම ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. දෛනික වැටුප් ලබන සියලු සේවකයන් සේම පෙර පාසල් ගුරුවරු සහ ස්වයං රැකියාවල නිරත වූවන් වැනි අවදානමට පත් පාර්ශ්ව ඉන් ආවරණය වූහ. රටෙන් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව ඇත. ගුවන් ගමන් සඳහා වාරණ පනවා තිබූ අවස්ථාවේදීත්, විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් 15,000කට ආසන්න පිරිසක් නැවත මව් රටට ගෙන්වා ගන්නා ලදී. මේ තත්ත්වය අපගේ සමස්ත සේවා නියුක්ති ව්‍යුහයට වෙනසක් ඇති කළද, අ‍පේ අරමුණ වූයේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවයි. මේ කාණ්ඩයට අයත් සේවා නියුක්තිකයන්ට, නැවතත් තමන් කලින් රැකියාව කළ විදේශ රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළඳපොළට දායකවීමේ අවස්ථාව නිර්මාණය වී ඇත. මෙය අපේ වැඩ ලෝකයේ නව මුහුණුවර හැඩගස් වනු ඇත.”

“ශ්‍රී ලංකාවේ නිපුණතා අංශ පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත සිතා බැලීමක් කළ යුතුව තිබේ. අර්බුද සමය තුළ රැකියා අහිමිවූවන් බල ගැන්වීම සඳහා වන අපේ වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යළි පෙළ ගැස්වීම හා විධිමත් කිරීම සපුරා ගනු ලැබේ. ව්‍යසනකාරී ළමා ශ්‍රම වෙළෙඳපොල වසර 2022 වන විට තුරන් කිරීමට ශ්‍රී ලංකාව පොරොන්දු වී ඇත. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපේ කම්කරු දෙපාර්තමේන්තුව ළමා ශ්‍රම වෙළඳාම පිළිබඳව ලැබෙන පැමිණිලි නොකඩවා කොවිඩ් – 19 ඇඳිරි නීති සමය තුළ පවා විමර්ශනය කළේය.”

“රටවල්වලට දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තරම් කොවිඩ් – 19 තත්ත්වය ‍ගෝලීය වශයෙන් සමතුලිතතාවකට ළඟා වී නැති බව මගේ විශ්වාසයයි. කෙසේ වුවත්, කෙටි කාලීනව නව සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ මධ්‍ය කාලීනව එය ස්ථාවර කිරීමට ප්‍රමාණවත් අවස්ථා එමඟින් උදා කර දී ඇත. ශ්‍රී ලංකාව මෙය දකින්නේ පශ්චාත් කොවිඩ් 19 කාලපරිච්ඡේදයෙහි නව සාමාන්‍ය තත්ත්වයට එළඹීම සඳහා මෙරට “වැඩ ලෝකය” නැවත හැඩ ගැස්වීමෙහි අඩිතාලමක් වශයෙනි.”

“මේ අවස්ථාව සෑම රටකටම සිය “වැඩ ලෝක” යෝග්‍ය පරිදි නැවත පෙළ ගැස්වීමටත්, මේ ගෝලීය ව්‍යසනයෙන් අනතුරුව ආරක්ෂාකාරී සහ ශක්තිමත් ලෙස නැඟී සිටීමටත් උපකාරී වනු ඇතැයි මා අවංකවම අපේක්ෂා කරමි. ප්‍රාර්ථනය කරමි.” යනුවෙන් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More