දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ගැටලු ඇත්නම් ඒ පිළිබඳව සාකච්ඡා කර විස¹ ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට එජාපය සමග විවෘත සංවාදයකට තවමත් ඉඩ ඇති බව සම කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඉකුත් ඇමැති මණ්‌ඩල රැස්‌වීම්වලදී ආණ්‌ඩුවේ කටයුතු පිළිබඳව තමාත් චම්පික රණවක මහතාත් සෘජුව කතා කළ නමුත් ශ්‍රීලනිපයේ කිසිවකු වචනයක්‌ හෝ කතා නොකළ බවද ඇමැතිවරයා කීය.

සමහරුන්ට ආණ්‌ඩුවෙන් යාමට අවශ්‍ය වූ විට විවිධ හේතු ඉදිරිපත් කරන බවද ශ්‍රීලනිපයේ සමහරුන්ද අද ඉන්නේ එවැනි තැනක යෑයිද ඇමැතිවරයා ඊයේ (28 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

තැන් තැන්වල කතා නොකර ආණ්‌ඩුවේ ප්‍රශ්න අභ්‍යන්තරයේ කතා කර විසදා ගත යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More