දේශීය පුවත්

මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින්  ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදුලි බිල සම්බන්ධව පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (8)  අමාත්‍ය මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු  වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කළ බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More