තමාට අපහාස කළැයි ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි ඇගේ කීර්ති නාමයට හානි කළ බව කියමින් මානව හිමිකම් සංවිධාන හැටක් ලිපියකට අත්සන් තබා තිබේ.
යස්මින් සුකා වෙනුවෙන් ඉදිරිපත් වූ මානව හිමිකම් සංවිධාන හැටට ජාත්‍යන්තර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින එකසිය අසූ දෙනකු අත්සන් තබා ඇත.
මෙවැනි ලියවිල්ලකට මෙම ජාත්‍යන්තර සංවිධාන අත්සන් තබා ඇත්තේ යස්මින් සුකා විසින් මේජර් ජෙනරාල් සලෙයිට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බවට සනාථ වීමත් සමගය.
යස්මින් සුකා විසින් මේජර් ජෙනරාල් සලෙයිගේ උසස් වීමට එරෙහිව නිවේදනයක් නිකුත් කරමින් දැනට දකුණු ඇමෙරිකාවේ සිටින වන්නි මානුෂීය මෙහෙයුමේ දී කොටි පාලන ප්‍රදේශයේ සිට හමුදා අත්අඩංගුවට පත් වූ වෛද්‍ය වර්ධරාජා තුරෙයිරාජන්ට වධහිංසා පැමිණ වූ බව හා සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට චෝදනා නැගුණු බවද අසත්‍ය චෝදනා එල්ල කර තිබිණි.
එමගින් තම කීර්තිනාමයට හානි වීම මෙන්ම ජීවිතයටද තර්ජනයක්ද එල්ල වී ඇතැයි කියමින් යැවූ එන්තරවාසියෙන් තමාට සාධාරණයක් ඉල්ලා සිටි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිට එරෙහිව මානව හිමිකම් සංවිධාන මෙසේ පෙළ ගැසී ඇතැයි අනාවරණය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...