දේශීය පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරඟ වදින එස් එම් චන්ද්‍රසේන මහතා විසින් ශීෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි පැෆරල් සංවිධානය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකය වෙත පැමිණිලි කර ඇත.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඔහු එකී ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව පරිසර හා වනජීවී අමාත්‍යංශයට  ලිපි ශීර්ෂයකින් නිකුත් කරන ලද ලිපියක පිටපතක් ද පැෆරල් සංවිධානය එම පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබේ.

එම ලිපියට අනුව සාමාන්‍ය පෙළට ඉදිරිපත් වූ දරුවන්ට එස් එම් චන්ද්‍රසේන පදනම මගින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැය කරන්නට සූදානම් බවත් ඒ සඳහා බෙදාදෙන අයැදුම්පත පුරවා භාර දෙන ලෙසත් දන්වමින් එම ලිපිය බෙදා හැර තිබේ.

1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 78 වගන්තිය යටතේ වන සංග්‍රහ කිරීම නමැති වරද සහ එකී පනතේ 80 වගන්තිය යටතේ විස්තර වන අල්ලස නමැති වරදට අදාළ වන බැවින් මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද පැෆරල් සංවිධානය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකයෙන් ඉල්ලා ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණයකට මෙය සිදුකරන බලපෑමක් බව නිරික්ෂණය වන බැවින් වහාම මෙම කටයුත්ත නවත්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලා තවදුරටත් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More