පලෙයි පොලිස් වසමේ සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අළුයම මියගොස් තිබේ.
පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් වසමේ උර්නියන්පත්තු, අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලබා මෙම සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පිපිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වන බව ද පොලීසිය පවසයි.
පිපිරීම සිදුව ඇති නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, “කළු කොටි සැමරුම සිදුකරමු“ යනුවෙන් සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් බවට සැක කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...