ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බවත් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී ඇත.
ශ්‍රී ලංකාව පළාත් හෝ ජනපද ඒකාබද්ධ වූ රාජ්‍යයක් විය යුතු බවත් එක්‌සත් හෝ නොබෙදුණු හෝ නෙබෙදිය හැකි රටක්‌ය යන රාමුව තුළ ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යයක් විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ යාපනය දිස්‌ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ස්‌ථාවරය වී තිබේ.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දීමට පක්‍ෂව බහුතර එකඟත්වයක් ඇත්නම් ඊට අදාළ කොන්දේසි හා නියමයන් නිශ්චිතව දැක්‌විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී තිබේ.
ජන විද්‍යාත්මක වෙනස්‌කම් තිබියදී අදත් උතුරු නැගෙනහිර පළාත් දෙකේ අති ප්‍රමුඛ පදිංචිකරුවන් වන්නේ දෙමළ බස කතා කරන්නන් නිසා පළාත් දෙක එක් පළාතක් ලෙස ඒකාබද්ධ කළ යුතු බවද සිය බලතල ක්‍රියාවට නැංවීම සඳහා පළාත් සභාවලට මුදල් උපයා ගැනීමට බලතල තිබිය යුතුය යන වගන්තීන්ද නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතු බ ව දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී තිබේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...