වැඩ කරන ජනාතවට සහ අනුමත වී තිබූ වැටුප් වර්ධක සහ සහන කප්පාදු කළේ කොව්ඩ් වසංගතය මෙරටට පැමිණීමට පෙරාතුව බව ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේකේෂක කේ.ඩී. ලාල්කාන්ත ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.
‘‘අපේ රටේ කම්කරු ජනතාවට අවසාන වතාවට පඩි වැඩිවුණේ 2016දී. ඒක ඒ රජය විසින් ලබාදුන්නා නෙමෙයි, ඔවුන්ට ලබාදෙන්න සිද්ධ වුණා. මොකද ඒක ජනාධිපතිවරණ පොරොන්දුවක්. ඊට පස්සේ ජීවන වියදම ඉහළ ගිය ප්‍රතිශතයට වැටුප් හෝ දීමනා වැඩි වුණේ නැහැ. වැටුප් පිළිබඳ තීරණයක් ගන්න පිහිටවපු රනුක්ගේ කමිටුව විසින් නිර්දේශ කරනු වැටුප් වර්ධකය ලබාදෙන්න නියමිත වුණේ 2020 ජනවාරි ඉඳලා. එම කමිටුවෙන් නිර්දේශ කළා රුපියල් තුන්දහසේ සිට රුපියල් විසිහතර දහස දක්වා වර්ධකයක්.
ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මුලින්ම කළේ එම කමිටුවේ නිර්දේශ අහෝසි කරන එක. වැඩ කරන පන්තියට රජය කියනවා නම් කොරෝනා නිසා ඉවසන්න කියලා අපි රජයට කියනවා කොරෝනාවලට කලින් දෙන්න පොරොන්දු වුණ සහන දෙන්න කියලා. බොහෝ වෘත්තීන්වල නිරත වෙන අයට රටේ ජීවන වියදම ඉහළ යද්දී අමතර ආදායමක් හොයාගන්න මොනව හරි කරන්න පුළුවන්. ඒත් මාසික ආදායම් ලබන පිරිසට එහෙම කරන්න බැහැ. ඒ නිසා වෘත්තීය සමිති විදියට අපි සෑම මොහොතකම අරගලයෙ ඉන්නෙ. කවුරු හරි හිතනවා නම් මේ සටන තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියල ඒක වැරදියි. මේ සටන මහ පාරේ ඉඳන් පටන් ගන්න ඕන. ඉතුරු භාගය පාර්ලිමේන්තුවේ කරන්න මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවන්න.
හෙද විද්‍යාල සිසුන්ගේ ගෙවීම් මාස තුනක් නවත්වලා. විශ්‍රාම වැටුප් වර්ධකය කපා හැරලා. සම්භාවනීය විශ්‍රාම දිවියක් ලබාදෙනව කිව්ව අය තමයි මෙහෙම කරන්නේ. තව දවස් කිහිපයකින් තැපැල් ඡන්ද ලබාදෙන්න ඉන්න රජයේ සේවකයන් මේ රජයට විරුද්ධව අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ’’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...