සජිත් ප්‍රේමදාස යාපනයට ගොස් ප්‍රකාශ කළේ විග්නේශ්වරන්වත් නොකී කතාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07 වැනිදා) කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.
‘‘යාපනය ප්‍රදේශයට ගොස් දෙමළ ඡන්දවලට කෙළ හලමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ 13 වැනි සංශෝධනය රැක ගන්නා බවයි. ඉන්දියාව අපිට බලෙන් පැටවූ 13 වැනි සංශෝධනයට විරුද්ධව ප්‍රබල හඬක් නැගුවේ එම කාලයේ අගමැති ධුරය දැරූ සජිත් ප්‍රේමදාසගේ පියා වූ රණසිංහ ප්‍රේමදාසයි.
එතුමාගේ සදාදරණීය පුතානෝ 13 රැක ගැනීමට කැපවෙනවා යැයි කීම ඉතිහාසයේ සරදමක් ලෙසයි අප දකින්නේ. 13 වැනි සංශෝධනය ගෙනවිත් වසර 33ක් ගතවුණත් කිසිම ආණ්ඩුවක් පොලිස් බලතල පළාත් සභාවට නොදුන්නේ ඒක දුන්නොත් අනාගත බෙදුම්වාදී යුද්ධය ඇතිවන්නේ ශ්‍රී ලංකා හමුදාවත් උතුරු පළාත් පොලිසියත් අතර නිසයි.
13 වැනි සංශෝධනය හරියට ක්‍රියාත්මක කළොත් පුරාවිද්‍යා ස්ථාන පවා පළාත් සභාවට යටතට වැටෙනවා. එම සංශෝධනය හරියට ක්‍රියාත්මක කළොත් ලංකාව දෙකට නෙවෙයි නවයකට කැඩෙනවා.
ලංකා ඉතිහාසයේ දුර්වලම ආර්ථික ප්‍රගතිය පෙන්වපු රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩනගන්න තමන්ට රට භාරදෙන ලෙස ඉල්ලීම තමයි වසරේ හොඳම විහිළුව’’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...