හිටපු ඇමැති මංගල සමරවීර ඇතුළු කණ්ඩායම් සංවාදයට ලක්විය යුතු මාතෘකා යටපත් කොට, වෙනත් කරුණු හුවා දක්වමින් රට වෙනතකට ගෙනයාමේ උත්සාහයක යෙදී සිටින බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (07 වැනිදා) ජාතික සංවිධාන එකමුතුව කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කොවිඩ් වසංගතයට මුහුණදීම සහ මැතිවරණය පැවැත්වීම වෙනුවට කාලයකට පෙර තිබූ ක්‍රිකට් තරගයක ප්‍රශ්නයක් මතුකර ගැනීම, පෞද්ගලික බැංකු පටලවමින් ජාතිවාදය ඈඳාගැනීම වැනි කරුණු ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේද පැවැසීය.
‘‘ඒ වගේම එම්.සී.සී. ගිවිසුම ගැන පත්කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සත්‍යයක්. ජනාධිපතිවරයාට ඒ ගිවිසුම අත්සන් කරන්න කිසිම අවස්ථාවක් නෑ. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන මානසිකත්වය ජනාධිපතිට තිබුණ නම් පාත්ෆයින්ඩර් වැනි ආයතනයක නියෝජිතයන් මේ කමිටුවට පත්කරන්නේ. ජනාධිපතිවරයා මේ ගිවිසුම අත්සන් කරනවා නම් ඒක දේශපාලන සියදිවි නසා ගැනීමක්
මේ මැතිවරණයේදී ආගම්වාදී, ජාතිවාදී දේවල් කරළියට ගේන්න එපා. සජිත් ප්‍රේමදාස ඉතිහාසයෙන් තවම පාඩම් ඉගෙන ගෙන නෑ. ඔහු උතුරට ගිහින් කියනවා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා. එක පැත්තකින් සම්බන්දන්ලා, සුමන්තිරන්ලා සතුටු කරලා උතුරේ ජනතාවට බොරු පොරොන්දු දෙනවා. අනෙක් පැත්තෙන් රිෂාඩ්ට කප්පම් දෙනවා. සිංහල බෞද්ධ ජනතාව ඔහුගේ කල්ලිවාදී දේශපාලනය පරාජය කළා. අගමැතිවරයා ඔහුගේ ප්‍රකාශ ගැන කළ අර්ථදැක්වීම අපි අගය කරනවා.”
මෙම මාධ්‍ය හමුවේදී ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම සහ වෛද්‍ය නිමල් කරුණාසිරි යන මහත්වරු අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...