දේශීය පුවත්

මුස්ලිම් ජනතාවගෙන් ඉතා අල්ප පිරිසක් සිදුකරන අන්තවාදී ක්‍රියා හේතුවෙන් සියලු මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් ලෙස සැලකීම හෝ මුස්ලිම් කඩ වර්ජනය කිරීම හෝ අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. සුළු පිරිසකගේ වැරදි හේතුවෙන් සමස්ත ජාතියක් කෙරෙහිම වැරදි ආකල්ප දැරීම සුදුසු නොවන බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ.

අද (07) පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් ජාතිවාදී ලෙස කටයුතු නොකරන බවයි.

පසුගියදා සම්පත් බැංකුවේ සිදු වූ ගැටලුව හේතුවෙන් සියලු මුස්ලිම් කඩ වර්ජනය කළයුතු බවට අතුරලියේ රතන හිමි සිදුකළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැහැදිලි කළේය. එවැනි අන්දමින් මුස්ලිම් කඩ වර්ජනය කිරීම හරහා නැති ප්‍රශ්න ඇතිවිය හැකි බවත් එවැනි ක්‍රියාමාර්ගයකට පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් විරෝධය පළ කරන බව ද ඔහු සඳහන් කළේය.

බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති පක්ෂයක් වන නමුත්, කිසිවිටෙකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් සුළු ජාතීන් පිළිබඳව අවිශ්වාසයෙන් කටයුතු නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සබැදි පුවත් –

මුස්ලිම් අන්තවාදීන් සම්පත් බැංකුව වර්ජනය කරවනවා නම් සිංහලයන් මුස්ලිම් කඩ වර්ජනය කළ යුතුයි – රතන හිමි (Video)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More