අද (07) දින කුරුණෑගල මඩහපොල දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේවක මහතෙකුට හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රථයකට හා රියදුරු මහතෙකුට නාදුනන පිරිසක් විසින් පහර දී ඔවුන්ව පැහර ගෙන ගොස් තිබේ.
ඔවුන්ව සම්බන්ධ කර ගැනීම සදහා කාර්‍යාල නිලධාරීයකු උත්සාහ කිරීමේදී දුරකතනයට පිළිතුරු ලබාදී ඇත්තේ පැහැර ගත් මැරයෙක් බව පැවසේ.
පසුව කාර්‍යාල සේවකයා විසින් පොලිසිය දැනුවත් කීරීමෙන් පසුව පොලිසිය විසින් මාර්ග බාධක යොදා එම පිරිස් අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.
හෙට (08) හා අනිද්දා (09) යන දෙදින තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත මහා සංඝරත්නය බැහැ දැකීම සදහා පැවැත්වීමට නියමිත උත්සවයක ආරාධනා පත් බෙදා හැරීමට යාමේ දී මෙම පහර දීම හා පැහැරගැනීම සිදු ව ඇත.
ආරාධනා පත්‍ර බෙදා දීම සිදු කළ අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා ගමන් කළ වෑන් රථය හරස් කළ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් රියදුරුට හා අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතාට දැඩි ලෙස පහර දී පැහැර ගෙන ගොස් ඇති අතර ටී.බී ඒකනායක මහතාගේ බල ප්‍රදේශය තුළ කිසිවකුට ඡන්ද ව්‍යපාරය කිරිමට නොහැකි බවට තර්ජනය කොට දැඩි ලෙස පහර දී පැහැර ගත් බව එම රියදුරු මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා පොලිසියට පවසා ඇත.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පොල්පිතිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ පිළිබදව නිකවැරටිය බල ප්‍රදේශයට අයත් පන්සියගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
තවද පහර දීම සදහා පිරිස රැගෙන පැමිණි ඩිෆෙන්ඩර් රථය රාජ්‍ය ආයතනයක වාහනයක් හා එහි අංක තහඩු මාරු කර ඇති බවට ද පැමිණිලි කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වෙමින් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...