දේශීය පුවත්

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස අද (07) දිනයේ දී හඳුනා ගැනීමත් සමගය.

කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවූවෙකු නඩු කටයුත්තක් සඳහා පසුගිය ජුනි 26 වනදා පොළොන්නරුව බන්ධනාගාරය වෙත භාර දී තිබුණි.

අනතුරුව ඔහුව ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ආසාදිතයාව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සඳහා අමුත්තන් පෙන්වීමද අද සිට දින නියමයක් නොමැතිව  තාවකාලිකව නැවැත්වීමට බන්ධාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ආසාදිතයාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අද ආරම්භ කළ අතර රැඳවූවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද එම පිරිසට අතරට අයත්.

අද දිනයේ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාදිතයා ද සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2078 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් තවත් 38 දෙනෙකු ගතවූ පැය 24 තුළ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 1955 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 112 දෙනෙකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More