දේශීය පුවත්

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී , ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයකු පැවසීය .

මොවුන් කැළණිය , බියගම පාරේ , පංසල අසළ  ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු  බවට තොරතුරු ද වාර්තා වේ .

මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව  ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .

මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි. මවගේ වයස අවුරුදු 55 ක් වන අතර ඔවුන්ගේ දුවගේ වයස අවුරුදු 34 කි .

ඔවුන්ගේ මළ සිරුරු අද (7) උදෑසන 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 7 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

අනෙක් මළ සිරුරු 4  වෙනත් ස්වභාවික හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .

මේ වනවිට මෙම මළ සිරුරු 3 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ .

lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More