දේශීය පුවත්

2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ තහනම් නියෝගය බල පැවැත්වෙන බව ද  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැවසීය.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රවි කරුණානායක ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නියෝග කර තිබේ.

කෙසේවෙතත් මෙම නියෝග තුළින් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට කිසිදු බාධාවක් සිදු නොවන බව ද  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාස් මහතා සඳහන් කළේය.

තීන්දු ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සියලු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් , අද සිට සති හයක් ඇතුළත ගොණු කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා එතැන් පටන් තවත් සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් නඩුව පාර්ශවකරුවන්ට නියෝග කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More