මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා බොක්සිං පිලේ සියලු ක්‍රීඩකයින් මෑතකදී වඩාත් අන්තර් ජාතික අත්දැකීම් ලබා තිබිම වඩාත් වාසියක් වන බව ශ්‍රී ලංකා බොක්සිං පිලේ පුහුණුකරු ටී. බි. හර්ෂ කුමාර පැවැසීය.
මම හිතන්නේ අපේ බොක්සිං ක්‍රීඩකයින් හොඳ සූදානමකින් ඉන්නෙ. වසර දෙකක සිටම අපි ක්‍රීඩකයින් ඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය අත්දැකීම් ලබා දුන්නා. කොහොම වුණත් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට අපේ ක්‍රීඩකයින්ට ලැබෙන ප්‍රතිවාදීන් කවුද කියන එක දැන ගන්න ලැබෙන්නෙ ගෝල්ඩ්කොස්ට් යෑමෙන් පසුව. අපේ කණ්ඩායමේ මෙවර ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකාවන් තිදෙනෙක් සමන්විතයි.
මේ අතරින් වඩාත් ඉහළ බලාපොරොත්තු කි. ග්‍රෑ. 64 බර පංතියෙන් තරග කරන දිනිඳු සපරමාදු ගැනඵ. අපි ක්‍රීඩකයන්ට විශ්වාසය හොඳින් ඉහළට ගෙනත් තියෙන්නෙ. හොඳ පුහුණුවක් තියෙනවා. විශේෂයෙන් සපරමාදු මීට පෙර ස්ලොවෙකියාවේ පැවැති තුන්කොන් තරගාවලිය හා තායිවාන් තරගාවලිය රන් පදක්කම් 2ක් ලබා ගත්තා. ඔහු ඉතා හොඳ පුහුණුවකින් පසු පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට යෑම ලොකු ආත්ම විශ්වාසයත් සමග තරග කිරීමට රුකුලක් බව පුහුණුකරු හර්ෂ කුමාර පවසයි. උස්බෙකිස්තානය, නෙදර්ලන්තය, ජර්මනිය වැනි රටවල සංචාරය කර ඇති සපරමාදු මෙවර වඩාත්ම අවධානයට යොමුවන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයා වනු ඇත.
මේ අතර කි.ග්‍රෑ. 49 බර පන්තියෙන් තරග වදින තිවංක රණසිංහ කෙරෙහි ලොකු විශ්වාසයක් තබා ඉන්නෙ. 26 හැවිරිදි සපරමාදු හා තිවංක ඉහළ දක්ෂතා ඇතිව ඉදිරිපත් වීම වැදගත්. කි. ග්‍රෑ. 52 බර පන්තියෙන් මෙවර 27 හැවිරිදි ඉෂාන් රංජීව සෙනෙවිරත්න බණ්ඩාර තරග වදියි.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් අතර වඩාත් අත්දැකීම් ඇති අනූෂා කොඩිතුවක්කුද මෙවර මෙම ක්‍රීඩා උළෙලට එක්වීම කැපී පෙනේ. අනූෂා මෙවර කි.ග්‍රෑ. 48 බර පන්තියෙන් තරග කිරීම නිසා ඇයට ඇති අභියෝගය වඩාත් විශාලය. මීට පෙර අනූෂා ජාත්‍යන්තර තරගවලට ගොස් පදක්කම් ලබා හොඳ අත්දැකීම් ලැබ ඉන්නෙ.
කොහොම වුවත් එංගලන්තය, දකුණු අප්‍රිකාව වැනි රටවල ප්‍රබල ක්‍රීඩකාවන් එක්ක සටන් කිරීමට සිදුවීම ලොකු අභියෝගයක් බව පවසන පුහුණුකරු හර්ෂ කුමාර කි. ග්‍රෑ. 57 බර පන්තියෙන් තරග වදින කේෂානි හංසිකා කස්තුරිආරච්චි හා කි. ග්‍රෑ. 51 බර පන්තියෙන් තරග වදින දුලානි අනුරාධා ජයසිංහට ද මෙය වඩාත් අත්දැකීම් ලැබිමේ තරගාවලියක් බව පැවසීය.
ශ්‍රී ලංකා බොක්සි පිල
අනූෂා කොඩිතුවක්කු (48Kg) දුලානි අනුරාධා ජයසිංහ (51Kg) කේෂානි හංසිකා කස්තුරිආරච්චි (57Kg) ඉෂාන් රංජීව සෙනෙවිරත්න බණ්ඩාර (52Kg) තිවංක රණසිංහ (49Kg) දිනිදු සපරමාදු (64Kg) ටී. බි. හර්ෂ කුමාර (පුහුණුකරු) අමිල අරවින්ද තිසේරා (පුහුණුකරු), ඩයන් ගෝමස් (පුහුණුකරු)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...