දේශීය පුවත්

කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් සකසමින් සිටියදී එය පිපිරී බරපතළ තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදියා පිළිබ`ද මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ ඉකුත් 2014 වසරේදී දියත් කළ රහසිගත මෙහෙයුමකදීය.

එතැන් සිට බුද්ධි අංශ නිරන්තරයෙන් මෙම ත‍්‍රස්තවාදියා පසුපස හඹා යමින් ඔහුගේ ක‍්‍රියාතාරකම් පිළිබ`ද නිරීක්‍ෂණය කර තිබේ. මේ අතරතුර පසුගිය යහපාලන රජය බලයට පත්වීමත් සම`ග බුද්ධි අංශ දඩයම හේතුවෙන් 2017 වසරේදී එම මෙහෙයුම නතර කර දැමීමට බුද්ධි අංශවලට සිදුවීම නිසා පසුව මෙම කොටි ත‍්‍රස්තවාදියා සැ`ගව ගොස් තිබේ.

ඉන් පසුව කිලිනොච්චියේ පිපිරීම සිදුවන තෙක් ඔහු පිළිබ`ද කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව උසස් ආරක්‍ෂක අංශ නිලධාරියෙක් පැවසීය.

මෙම කොටි ත‍්‍රස්තවාදියාගේ සැබෑ නම චන්ද්‍රරාසන් ආත්මන් වුවද එල්ටීටීඊය විසින් මේනන් ලෙසින් නම්කර සිටි මොහු 1993-94 කාලයේ එල්ටීටීඊයට බැ`දී අවසානයේ පොට්ටු අම්මාන්ගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වූ එල්ටීටීඊ බුද්ධි අංශයේ පරිණත සාමාජිකයකු ලෙස කි‍්‍රයා කළ අයකු බවද එම උසස් නිලධාරියා ස`දහන් කළේය.

යුද්ධය අවසානයේ පුනරුත්ථාපනයට ලක්ව පසුව හිටපු කොටි ත‍්‍රස්තවාදීන් එක්ව පිහිටුවාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමින්ගේ පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන සිට ඇති මොහු එල්ටීටීඊයට නැවත පණ දීම ස`දහා කාලයක සිට කි‍්‍රයාත්මකව සිටින්නකු බවද මේ වන විට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More