ගාලු මුවදොර පිටියේ දී රුසියානු කාන්තාවකට හිරිහැර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
ඒ අනුව, මෙම සැකකරුවන් අද (07) දිනයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය ඉරිදා දින රාත්‍රී 11ට පමණ මෙම කාන්තාව සිය පෙම්වතා හා මිතුරන් පිරිසක් සමග ගාලු මුවදොර පිටියේ සිටිය දී මෙය සිදුව තිබේ.
ඇයගේ පෙම්වතා ශ්‍රී ලාංකිකයෙකි.
මොවුන්ට පිරිසක් පැමිණ හිරිහැර කරමින් පහර දී ඇති අතර, එම අවස්ථාව මෙම කාන්තාව විසින් වීඩියෝ ගත කර ඇත.
පසුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ඊයේ (06) රාත්‍රියේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...