කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයට පෙර අනිවාර්යයෙන්ම පැවැත්වීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ජනතාවගේ සර්වජන ඡුන්ද බලය ජනතා ස්වාධිපත්‍යයට අවශ්‍ය ක‍්‍රියාමාර්ගයක් බව පැවසූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පැවති රජය නව මැතිවරණ ක‍්‍රමයක් නීතිගත නොකිරීමේ තර්කය ඉදිරිපත් කරමින් මැතිවරණය කල්දැමූ බව ද ස`දහන් කළේය.
පළාත් සභා මැතිවරණය කල්දමා වසර දෙකක් ගතවී ඇති බවත්, ඒ තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත්, පළාත් සභාවලට ජන ජීවිතයට සෘජුව බලපාන වගකීම් 36 ක් තිබෙන අතර මැතිවරණය කල්දැමීම නිසා ජනතාවට ඒවා අහිමි වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
යහපාලන ආණ්ඩුව පරාජයට බියෙන් මැතිවරණය නොපැවැත්වූ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ජනතා මතයට ගරු කරමින් මැතිවරණ පැවැත්වීම තම රජයේ ආකල්පය බවත් ජී.එල්. පීරිස් මහතා ස`දහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (6දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...